දිනකට මෙට්‍රික් ටොන් 1000 බැගින් දින 08 කට ඩීසල් තොග විදුලිබල මණ්ඩලයට දීමට බලශක්ති ඇමති එකඟ වෙයි

Share

ඉන්ධන තොග ලබා නොදීම නිසා විදුලිබල මණ්ඩලය මේ වන විට දැඩි අර්බුදයකයි පවතින්නේ.

අයි ඕ සී සමාගමද විදුලි බල ඇමතිවරයාගේ ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කලේ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නට නොහැකි බව කියමින්.

මේ අතර ඉදිරි දින 08 ක් සඳහා අවශ්‍ය ඩීසල් තොග විදුලි බල මණ්ඩලයට ලබා දීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා.

මේ තත්ත්වය මත මේ මස අග දක්වා විදුලිය කැපීමක් සිදු වන්නේ නැති බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ.

Read more

Local News