විදේශ මුදල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත හැකිවිය.

මෙම කණ්ඩායම අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි මගින් දෙදෙනෙකු අයත් විය. මොවුන් ඊයේ දින emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි .

වැඩිදුර පරීක්ෂා කිරීම්වල දී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා diram 75000 විය.

මෙම මුදල්වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී .

Read more

Local News