පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
එම කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ රංජන් රාමනායක මහතාගේ නීතිඥවරයා වෙත ලිපියක් යොමු කරමින්.
පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව රංජන් රාමනායක මහතා සිය නීතිඥවරයා හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී තිබුණත් ඊට ප්‍රතිචාර ලෙස අල්ලස් කොමිෂන් සභාව මෙම තීරණය දැනුම් දුන් බවයි එහි ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 06 වනදායි.
චෝදනා එල්ල වී සිටින තිරුකුමාර් නඩේෂන් හා නිරූපමා රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගෙන් කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්රකෝටිපතියන් ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කළ පැන්ඩොරා පත්‍රිකා නිකුත් කළේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව විසින්.
නම් ලැයිස්තුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ නම ද ඇතුළත්.
රහස්‍යභාවය රකින බොහෝ ස්ථානවල නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා විසින් විවිධ සමාගම් ස්ථාපිත කර ඇති බව අනාවරණය කර තිබෙනවා.



