තරඟ දෙකක තහනමක් පැනවූ කගීසෝ රබාඩා නැවතත් සිය කණ්ඩායම නියෝජනය කරයි

Share

තරඟයක් අතරතුර ඕස්ට්‍රෙිලියානු නායක ස්ටීවන් ස්මිත් සමග භෞතිකව ගැටීමකින් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තරඟ දෙකක තහනමක් පැනවූ කගීසෝ රබාඩා නැවතත් කේප්ටවුන් හිදී සිය කණ්ඩායම නියෝජනය කරන්නට නියමිතය.
මෙම තීරණය ගෙන ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයින්ගේ නීති මාලා පද්ධතියට අදාළ ඇපෑල සලකා බලන කොමසාරිස් මයිකල් හෙරොන් විසිනි.
ඒ අනුව තරඟ තීරක ජෙෆ් ක්‍රෝ විසින් අවගුණ ලකුණු තුනක් ලබාදුන් තීරණය අවගුණ ලකුණු 01ක් සහ තරඟ ගාස්තුවෙන් සියයට 25ක් දක්වා අඩු කරගන්නට රබාඩාට හැකිවිය.
රබාඩාගේ තරඟ තහනම ඉවත්ව මෙම තරඟය ක්‍රීඩා කිරීමට කිරීමට ලැබෙනු ඇත.

Read more

Local News