පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
සඳුදා දිනයේ බස් ගමන් වාර සියයට 50 ක් පමණක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබාදී අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම්දී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.



