මහා පරිමාන මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කරුවකුගේ ගෝලයකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපය) නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩී.එස්. ජයලත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.15 වන දින පානදුර දකුණ පොලිස් වසමේ අංක 140, පාසල් පාර, කුරුප්පුමුල්ල, පානදුර ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 0930 ට සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාන මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කරුවකු වන සලිදු මල්ෂිත නොහොත් පානදුර සලිදු නැමැත්තාගේ සමීපතම ගෝලයකු වන දැනට සැඟව සිටින කුරුප්පුමුල්ලේ සංඛ යන අයගේ පානදුර ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ගෝලයකු මෝටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල හොන්ඩා වර්ගයේ මෝටර් රථයක් හා විවිධ වර්ගයේ බැංකු කාඩ්පත් 08 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පානදුර දකුණ පොලිස් ස්ථානය වෙතද, මෝටර් රථය කොළඹ පොලිස් නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත.

Read more

Local News