කටුගස්තොට නිවසක ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

Share

කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අද (24) උදෑසන 6.40 ට ඇති වු මෙම ගින්නෙන් නිවාස 4 කට පමණ හානි සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පියා, දියණිය සහ තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම පවුලේ මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගිනි නිවීමේ අංශ මේ වනවිට ගින්න මැඩ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News