මිලියන 32 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

Share

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවල දී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් අටක් පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී.

මෙම පාර්සල් බ්‍රිතාන්‍යය,කැනඩාව ජර්මනිය සිට කොළඹ, ගම්පහ හා නුවර ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි. පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී.

විවෘත කරන ලද පාර්සල් තුළ kush නැමැති ගංජා විශේෂය 1590 g හා ectasy නැමැති methamphetamine අඩංගු මත් පෙති 601 සොයා ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 32 කට ආසන්න බව තහවුරු කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි.

පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.

Read more

Local News