කාන්තාවන් යොදාගෙන සිදුකරන මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කර ගනී

Share

විශේෂ කාර්ය බලකාය බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පො.ප. එච්.එම්.වී.ජී.ටී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.04.01 වන දින පැය 0105 ට ජාඇල පොලිස් වසමේ අංක 24/09, රණසිංහ පාර, ජාඇළ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 57 ක ජා ඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා ඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ජාල ගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් දුරකථන ඇමතුම් ලබා දී දැනුම් දෙන ස්ථානයන් වෙත ඉතා සූක්ෂම ආකාරයෙන් රැගෙන ගොස් එම අදාල ගැනුම්කරුවන් වෙත ලබා දීම සිදුකරන අතර මත්ද්‍රව්‍ය බෙදා හැරීමෙන් පසු බෙදා හරින ඒ ඒ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ට අනුව ඔවුන් වෙත මුදල් ගෙවීම සිදුකරන බවට ප්‍රකාශ කර ඇත.

තවද මෙම මත්ද්‍රව්‍ය කාන්තාවන් මගින් ජා ඇල, කොළඹ, ගම්පහ යන ප්‍රදේශ වලට දෛනිකව බෙදා හැරීම් සිදුකරන බවටත් ප්‍රකාශ කර ඇත.

Read more

Local News