ශ්‍රී ලංකාවට ණය දෙන්න ඉදිරියේදී සාකච්ඡා

Share

ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් ඊයේ (31) පැවසුවේය.

එසේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ වොෂින්ටන් සංචාරය අතරතුර දී අප්‍රේල් මස පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම්වලදී ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් මහතා පැවසුවේය.

Read more

Local News