රථවාහන දඬමුදල් ගෙවීමට සහන කාලයක්

Share

ශ්‍රී ලංකා පොලීසිය මගින් නිකුත් කර එහෙත් 2022.04.11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා 2022.04.23 දක්වා සහන කාලයක් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩමුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩමුදල් ගෙවීමට 2022.04.23 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව තැපැල්පතිවරයා වැඩි දුරටත් පවසයි.

Read more

Local News