කංචන විජේසේකර කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

Share

කඩිනමින් හා විධිමත්ව ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නා බව බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් බෙදා හැරීම සදහා අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු අනෙකුත් පාර්ශවකරුවන්ගෙන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බව බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (21) කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

Read more

Local News