කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
මිට හේතු වී ඇත්තේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නැවත තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට කොල්ලුපිටිය පොලීසිය උත්සාහ කිරීමත් සමඟයි.
මෙහිදී සිදුකළ පහර දීමක් හේතුවෙන් අරගලයේ නියුතු එක තරුණයෙක් තුවාල ලබා රෝහල්ගත කළ බව වාර්තා වේ.