මෛත්‍රී එක්ක ආණ්ඩු හදනවාද? මෝය කටින් මුහුදේ පනිනවාද?

Share

ෆේල් කියන්නේ සර්. ඔයා දහය වසරේ ඉඳලා ආයේ එක වසරටයි රටම ෆේල් කළේ. දැන් ඔය ඔබත් එක්ක උදේ හවස කතා කරන මෛත්‍රීපාල සිරිසේනව අරගෙන බලන්න. මෛත්‍රීපාල සිරිසේන කියනවා, ඊයේ අලුත් ආණ්ඩුවක් හදනවලු. අලුත් ආණ්ඩුවක් හදන්න මෛත්‍රීපාල සිරිසේන අලුත්ද? මොනවද එයාට අලුතෙන් කරන්න පුළුවන්? අපි ඉතිහාසයේ බලමුද? ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වෙලා ඉඳලා පොදු අපේක්ෂක ජනාධිපති සිහිනයක් වෙනුවෙන් පක්ෂය දාලා ගියා.

පොදු අපේක්ෂකයා වෙලා ජනාධිපති වුණා. ජනාධිපති වෙලා වැඩි හරියක්ම කිව්වේ මොනවද? මම දන්නේ නැහැ. මම දැක්කේ පත්තරෙන් කියලා. අන්තිමට කකුල් දෙක ළඟම පාස්කු බෝම්බය පුපුරලා ගියා. ඒකවත් මම දන්නේ නැහැ කිව්වා. දන්නවා නම් පුපුරන්න දෙන්නේ නැහැ කිව්වා. ඇයි දැනගත්තා නම් සහරාන්ව බදා ගන්නද? ඔබ හරිනම් ඉන්න ඕනේ අලුත් ආණ්ඩු හදන තැනක නෙමෙයි. හිරේ. ඒ පිපිරීමට නෙවෙයි. අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළාට, රටක ජනාධිපති ලෙස එදා අගමැති මහින්දව ඔබ පත් කළේ ව්‍යවස්ථාව බල්ලට දාලා.

රටක ව්‍යවස්ථාව නින්දිත විදිහට කඩපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අද හරි නම් ඉන්න ඕන හිරගෙදර. ඒ රටක ව්‍යවස්ථාව රකින ප්‍රධාන පුද්ගලයා විධායකය ඔබ විය යුතු නිසයි. එදා ව්‍යවස්ථාව කඩලා අගමැතිකමට ගත්ත මහින්ද රාජපක්ෂ මහත්මයාටත් අපට කියන්න තියෙන්නේ එපමණ තමයි. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් අලුත් ආණ්ඩුවක් ලැබෙනවට වඩා හොඳයි මෝය කටින් මහ මුහුදට පනිනවා.

Read more

Local News