වදක බෙරෙත් සොරාගන්න හදන දේශපාලඥයින්

Share

අප ඔබට නිරන්තරයෙන්ම පවසන දෙයක් වනුයේ අපට ඉන්නේ මජර දේශපාලනඥයින් බවයි. බඩගෝස්තරවාදී දේශපාලනඥයින් බවයි. බලය වෙනුවෙන් සිය වැදූ ආදරණීය මව පවා අලෙවි කළ හැකි දේශපාලඥයින් බවයි. තම ආදරණීය දුවට පුතාට පවා වෙඩි තියලා මරලා ඒ මළ මිනිය කර තියාගෙන ඒ ඔස්සේ බලය ගන්න තරම් පහත් පිරිසක් බවයි. මේ පහත් මජර දේශපාලනඥයින්ගේ කතා හුදෙක් වාර්තා කරනවට වඩා ඔවුන්ව විග්‍රහ කර හෙළිදරව් කිරීම අද අපේ මාධ්‍ය වගකීමක්. අද වන විට අප බොහෝ මාධ්‍යයන් ක්‍රියා කරමින් ඉන්නේ හුදු වාර්තාකරණය තුළ ඒ අධෝමුඛ කතාවලට ඉඩ දීමට පමණයි.

මේ වංක, නින්දිත හොර, දූෂිත දේශපාලනඥයින්ව පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රශ්න කිරීම නිරුවත් කිරීම අද අප මාධ්‍ය හමුවේ ඇති ප්‍රධාන වගකීමක්. අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය ඉතාම අඩු බව අප දන්නවා. ඊට මාධ්‍යවේදීන් ලෙස අපද වගකිව යුතුයි. හුදු වාර්තාකරණය තුල පමණක් අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කරන්න බැහැ. දේශපාලන සාක්ෂරතාව නැති නිසා අපේ ජනතාව එක එක ඡන්දවලදී එක එක පක්ෂවල බොරු නාගයින්ට රැවටෙනවා. මේ මජර දේශපාලනඥයින්ගේ ප්‍රධානතම සටන් පාඨ අප නිරුවත් කළ යුතුව තිබෙනවා.

Read more

Local News