ගාලු මුවදොර අරගලයට අදට දින 26 යි

Share

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින විසි හයයි. ඊයේ රාත්‍රියේදීත් ගාලු මුවදොර පිටිය විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් තිබුණා.

ජනමාධ්‍යවේදී සංගම් ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින්ද ඊයේ දින ගාලු මුවදොර විරෝධතාවයට සිය සහය පළ කිරීමට පැමිණියා.

මෙම අරගලයට සහය පළ කරමින් විවාහ මංගල සේවා සැපයුම්කරුවන්ගේ එකමුතුව ඊයේ පස්වරුවේ විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.

නෙළුම් පොකුණ අසලින් ආරම්භ වූ පාගමන ගාලු මුවදොර පිටිය දක්වා ගමන් කළා.

Read more

Local News