වැඩ වර්ජනය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

Share

වැඩ වර්ජනවලට සම්බන්ධ වීමට අකමැති කණ්ඩායම්වලට තර්ජනය කරමින් ඒ සඳහා එකතුවන ලෙස පවසන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය පවසනවා.

එසේම වැඩ වර්ජනය පවත්වන කාලය තුළදී වෙළෙඳ ව්‍යාපාර ආදිය විවෘත නොකරන ලෙසට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

සියලුදෙනාගේම අයිතිවාසිකම්වලට බාධා නොවන ලෙස භුක්ති විඳින ලෙසත් රටේ පවත්නා නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Read more

Local News