පාස්පෝර්ට් අයදුම්පත් භාරගැනීම අද සිට යළිත්

Share

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (09) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම (එක් දින සේවය හැර) සාමාන්‍ය සේවා යළි ආරම්භ කරන බවයි අදාළ නිවේදනය මඟින් සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව අද දිනයේ භාරගැනීම සිදුකරන්නේ මැයි මස 5, 6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් පමණක් බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මැයි 10 වෙනිදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වනවා.

Read more

Local News