දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුනොත් ආර්ථික අර්බුදය දරුණු විය හැකියි – මහ බැංකු අධිපති

Share

රට තුළ ඇති වූ සිදුවීමත් සමඟ පසුගිය මාසක පමණ කාලයක් තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා සිදු කළ යුතු කටයුතුවල ප්‍රගතිය වෙනත් දිසාවකට යොමුවූ බව මහ බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

රට තුළ නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් එය රටේ ආර්ථික ස්ථාවරත්වයට බලපෑමක් එල්ල කරන බවත්, රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම් දේශපාලන ස්ථාවරත්වයක් ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙයි.

ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිමට නොහැකි වුවහොත් ආර්ථික කළමානකරණය කිරීමේදී තවත් ආරාජික තත්ත්වයට පත්වන බව ඔහු සඳහන් කරනවා.

Read more

Local News