රට තුළ පවතින අර්බුදයට විසඳුම් ලෙස අන්තරෙන් යෝජනාවලියක්

රට තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම යෝජනාවලිය දේශපාලන පක්ෂ වලට සහ සිවිල් සංවිධාන වෙත ඉදිරිපත් කිරීම ඊයේ සිදුවු අතර මෙම අවස්ථාවට දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අතරතුර එම ස්ථානයෙන් පිටව යාමත් සභාව ඇමතූ කථිකයින්ගේ අප්‍රසාදයට හේතු විය.