යළිත් ඇදිරි නීතිය බලාත්මකයි

Share

අද උදෑසන 7.00ට අවසන් වූ ඇදිරී නීතිය යළි අද පස්වරු 2.00 සිට එනම් මේ මොහොතේ සිට යළි දිවයින පුරා ක්‍රියාත්මකයි.
මෙම ඇදිරි නීතිය හෙට (13) උදෑසන 6.00ට අවසන් වීමට නියමිතයි.

ගාලුමුවදොර සාමකාමී අරගලයට එල්ල වූ ප්‍රහාරයත් සමග ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීමට පසුගිය 9වනදා සිට මහජන ආරක්ෂක ආඥාපනත 16වන වගන්තිය යටතේ දැනට මුළු දිවයිනටම ඇදිරි නීතිය පැනවීම සිදුවිය. මේ වනවිට දිවයින පුරා පවතින සාමකාමී තත්ත්වය අඛණ්ඩව පවත්වාගන්නා ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ග, පොදු උද්‍යාන, පොදු ක්‍රීඩා භූමි ආදී පොදු ස්ථාන සහ මුහුදු වෙරළේ රැදී සිටීමට කිසිවකුටත් අවසර නොලැබේ.

Read more

Local News