නව අගමැති රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමුවෙයි

Share

මේ අතර නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රථමයෙන්ම මෙරට සිටින ඇමරිකානු තානාපතිවරිය අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙන්නේ. එයින් පසු ඉන්දීය, ජපන් සහ චීන තානාපතිවරුන් හමුවී නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික අර්බුදය සහ ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

විශේෂයෙන්ම රට තුළ පවතින ආර්ථික අස්ථාවරත්වය යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා නව රජයක් යටතේ සිදු කිරීමේ සැලසුම් මෙහිදී අග්‍රාමාත්‍යවරයා තාන්ත්‍රිකයින් හමුවේ අනාවරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාවලදී තානාපතිවරුන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයන්ගෙන් ගොඩඒම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම අත්‍යවශය බවටයි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News