අටළුගම දැරියගේ මරණ පරීක්ෂණය අද

Share

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ෆාතිමා අයිෂා දැරියගේ මරණයට සම්බන්ධ අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. මේ අතර අයිෂා දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

දැරියගේ මරණය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසන්නේ.

Read more

Local News