කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර කඩාගෙන රැඳවියන් පනියි

Share

ඊයේ රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ කලහකාරී සිදුවීමක් ඇතිව තිබෙනවා.

එම කලහකාරී සිදුවීමට අදාළ පුද්ගලයෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා අප කළ විමසීමකදී පැවසුවේ.

කෙසේ වෙතත් අද උදෑසන වන විටත් එම කලහකාරී පිරිස පාලනයට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.

මෙලෙස කලහකාරී සිදුවීම අතරතුර අද උදෑසන පුනරුත්ථාපන රැඳවියන් පිරිසක් පලා ගොස් තිබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

Read more

Local News