ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අදත් ක්‍රියාත්මකයි

Share

ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන බෙදා හැරීම අදත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මකයි. QR ක්‍රමය සාර්ථක බවයි අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අදත් ක්‍රියාත්මකයි.

කොළඹ දිස්ත්‍රිකයේ තෝරාගත් ස්ථාන හයකදී මෙම QR ක්‍රමයට අනුව ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා.

එළඹෙන විසිපස් වනදා සිට දිවයින පුරා ම ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන බෙදා හැරීමට නියමිතයි.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය සාර්ථක බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් මගින් අදත් වාහනයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීම සිදු කරනවා.

අද (22) දින ඉන්ධන ලබා දෙන්නේ අවසන් අංකය 6,7,8 සහ 9 යන අංක දරණ වාහන සඳහායි. හෙට (23) දින අවසන් අංකය 0,1,2 යන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

අදත් රට පුරා ඉන්ධන පෝලිම් පැවති අතර ඇතැම් ප්‍රදේශ ඉන්ධන නිසා උණුසුම් වුණා.

Read more

Local News