කංචන QR වෙයි

Share

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද දිනයේ දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය පරිදි ඉන්ධන නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ QR ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදාහැරීම කල් ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙම QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ ඉන්ධන පිරවුම්හල් විසි පහක ක්‍රියාත්මක කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

QR ක්‍රමවේදය යටතේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම හය, හත, අට ලෙස සඳහන් රථ අද දිනයේ ඉන්ධන නිකුත් කිරීම සිදු වනවා.

Read more

Local News