ගාලුමුවදොර අරගලය කිසිදු හේතුවකට අතාරින්නෙ නෑ – අරගලකරුවන්

Share

ගාලු මුවදොර නිරායුධ නිර්පාක්ෂික තරුණ අරගලයට අදට දින එකසිය නවයයි.

තවමත් නිර්පාක්ෂික අරගලකරුවන් සිය විරෝධය ආණ්ඩුවට එරෙහිව පල කරමින් සිටිනවා.

මේ අතර ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කොටුව පොලිසියට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවේ සිට මීටර් පනහක් දුරින් ප්‍රදේශයට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළු වීම තහනම්.

ඒ පසුගිය දා අධිකරණය කල නියෝගයකට අනුවයි. කිසිඳු හේතුවක් මත ආදරයේ අරගලය අවසන් කරන්නේ නැති බවයි මේ අතර අරගලකරුවන් පවසන්නේ.

Read more

Local News