නව සභානායක ධූරයට සුසිල් – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

Share

පාර්ලිමේන්තුවේ නව සභානායවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (27) නිවේදනය කළේය.

අද (27) උදෑසන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්වීම් ලිපිය අභිනව සභානායවරයා වෙත ලබා දී තිබේ. මීට පෙර පාර්ලිමේන්තුවේ සභානායවරයා වශයෙන් වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කටයුතු කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබේ. ඒ මහතා මීට පෙර ද එම ධූරයේ කටයුතු කළේ ය.

Read more

Local News