ගොරිල්ලා රංජි සහ ඔහුගේ සහෝදරයා හෙරොයින් සමඟ අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.26 වන දින බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 162/656, මාදම්පිටිය පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1100 ට, පැය 1130 ට දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වනසින්නයියා ගුණසේකරමි නොහොත් කිඹුලා ඇලේ ගුණා ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු වන අතර මොහු මනුශ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සෘජුවම සම්බන්ධ වයස අවුරුදු 45 ක් වන මාදම්පිටිය පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි සහ ඔහුගේ සහෝදරයා වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 74 මිලි ග්‍රෑම් 880 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද 2022.07.12 වන දින මාදම්පිටිය ප්‍රදේශයේ දී ප්‍රදීපන් නැමැති පුද්ගලයාට වෙඩි තැබීම සඳහා රත්නම් රංජීත් කුමාර් නොහොත් ගොරිල්ලා රංජි උපදෙස් ලබා දී ඇති බවට කරන ලද විමර්ශණ වලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල දළ වටිනාකම රුපියල් 800,000.00 ක් පමණ වේ.

Read more

Local News