අමෙරිකානු තානාපතිනිය හා ජනපති අතර හමුවක්

Share

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වෙයි.

හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය ජනාධිපතිවරයා සමග සුහද කථා බහක නිරත වූවාය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.

Read more

Local News