ඉන්දීය මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජූලි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා හමුවිය.

මෙම හමුව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා, වත්මන් ආර්ථික අභියෝග හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. විශේෂයෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉන්දීය ජනතාවට සහ ඉන්දීය රජය වෙත සිය ස්තූතිය පළ කළේ ය.

Read more

Local News