දෛනික කොවිඩ් ආසාදිතයින් තවදුරටත් ඉහළට

Share

කොවිඩ් ව්‍යාප්තිය මේ වන විට රට තුළ යළිත් දරුණු අතට පත්වෙමින් තිබෙනවා.

දෛනික කොවිඩ් ආසාදිතයින් යළිත් සියය ඉක්මවා වාර්තා වෙමින් පවතිනවා.

මේ අතර උණ, හෙම්බිරිස්සාව තිබේ නම් දරුවන් පාසල් යවන්න එපා කියලා වෛද්‍යවරුන් ඉල්ලීමක්ද කර සිටිනවා.

කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ හතරක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා.

අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී.

ඒ අනුව පවතින තත්වය හමුවේ මුහුණු ආවරණ තවදුරටත් පැළඳීම අත්‍යවශ්‍යයි.

එසේ ම කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබා ගන්නා ලෙසයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ.

Read more

Local News