මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අරඹමින් සතර මහා දේවාලවල කප් සිටුවයි

Share

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සටහන් කරමින් සතර මහා දේවාලවල කප් සිටුවීම අද (29) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුකර තිබෙනවා.

ඊයේ අලුයම් කාලයේදී අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් කප රැගත් පෙරහර ගමන් ආරම්භ කර තිබුණා.

මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අගෝස්තු 02 වැනිදා ආරම්භ වන අතර රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

Read more

Local News