කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රී 09 සිට පසුදා උදෑසන 08 දක්වා පැය 11ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශයන් සඳහා මෙම ජල කප්පාදුව සිදුවනු ඇති.

ජල හා අපජල කලමණාකරණ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.