ඉන්දියාවේ පළමු මන්කිෆොක්ස් මරණය වාර්තා වෙයි

Share

ලෝකයේ රටවල් අසූවක් පුරා ගොස් ඇති මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 22,920 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ රෝගීන් දහ දෙනෙකු මියගොස් ඇති අතර එහි ආසන්නතම මරණය වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවෙන්.

එලෙස මියගොස් ඇත්තේ විසි දෙහැවිරිදි කේරල ප්‍රාන්තයේ තීසූර් දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා පසුගිය විසි දෙවනදා ඉන්දියාවට පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටයි.

අනතුරුව උණ රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇත්තේ පසුගිය විසි හත් වනදායි.

එහිදී සිදු කළ පරීක්ෂාවකදී ඔහු වඳුරු උණ ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සිටියදී සිදුකළ පරීක්ෂණයකදීත් ඔහු වඳුරු උණ රෝගයෙන් බවයි.

එවැනි පසුබිමකයි ඔහු ඉන්දියාවට පැමිණ ඇත්තේ.

මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස කේරලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

පවතින තත්වය හමුවේ ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Read more

Local News