මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරයි

Share

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

අද පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් පෙරහර පිටත්ව, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට විත්, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජවීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීම සිදුවනවා.

අද සිට හයවෙනිදා දක්වා කුඹල් පෙරහර පැවැත්වෙන අතර, හත්වනදා සිට දහවනදා දක්වා, රන්දෝලි පෙරහර පැවැත්වීමට නියමිතයි. මේ අතර, ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භ වීමත් සමඟ මහජනතාව ගැවසීම ඉහළ යන බැවින් කොවිඩ් වසංගත තත්වය පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසන්නේ.

වසර තුනකට පසු මෙවර මහනුවර ඇසළ පෙරහැර මහජනතාව සඳහා විවෘත වේ.

Read more

Local News