අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සුදානමින්

Share

කාලගුණ විද්‍යා දෙපාර්තු‍මේන්තු දත්තයන්ට අනුව නිරිත දිග මෝසම සක‍්‍රියවිමත් සමග ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුමි දි ඇති අතර ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් මේ වනවිට උපදෙස් ලබාදි ඇත.

ඉදිරියේ දි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුමි සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිමි සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් රත්මලාන, කටුනායක, හිගුරක්ගොඩ යන ගුවන් හමුදා කදවුරු තුල සුදානමින් සිටියි.

Read more

Local News