සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්න – ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියන් ජනපතිට කියයි

රට ගැන සිතා සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්විය යුතු බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් පවසනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදී.