අද පාර්ලිමේන්තුව රැස්වේ

පාර්ලිමේන්තු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (09) ආරම්භ වීමට නියමිතයි.

අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු 04.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ.