මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.

අද පස්වරු හයයි තිස්පහට යෙදෙන සුබ මොහොතින් පෙරහර වයඹ දිශාභිමුඛව පිටත්වීමට නියමිතව තිබෙනවා.

පෙරහැර පිටත්ව, දළදා වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් මාලිගාවට ගෙවදීමට නියමිතයි.

පස්වන සහ අවසන් රන්දෝලි පෙරහැරේ සජීව විකාශය අද රාත්‍රී හතේ සිට ඔබ වෙත ගෙන ඒමට, සියත අප සූදානම්.