පාකිස්තානු මිසයිල නැව අද කොළඹ වරායට

Share

පාකිස්තානු නාවික හමුදාවට අයත් පී එන් යුධ නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට ළඟා වුණා.

අද උදෑසන නවයට අදාළ නෞකාව මෙරටට පැමිණි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව එම නෞකාව පිළිගැනීමද සිදු කෙරුණා.

අදාළ නෞකාව දිගින් මීටර් එකසිය තිස් හතරක් හා එකසිය හැට නවයක පමණ නැව් මුලුවකගෙන් සමන්විතයි.

එහි අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරන්නේ කපිතාන් එම් යසීර් තාහීර්.

මෙම නෞකාව එළඹෙන පහළොස් වනදා මෙරටින් පිටත්ව යාමට නියමිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙවැනිම නෞකාවක් පසුගිය වසරේ දෙසැම්බර් දහතුන් වනදා මෙරටට පැමිණ තිබෙනවා.

Read more

Local News