බඩඉරිඟු ගොවීන්ට පොහොර ලබාදීම සඳහා ලියාපදිංචිය ඇරඹේ

Share

මේ ගෙවෙන්නේ යල කන්නයේ අස්වනු නෙලන කාල සීමාවයි.

නමුත් සමහර ප්‍රදේශවල ගොවීන් තවමත් අස්වනු නෙලීම ආරම්භ කර නැහැ.

මේ අතර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමද අද සිට ආරම්භ කළා.

රජය අනුමත කළ වී මිල ප්‍රමාණවත් වන්නේ නැති බවයි ජාතික ගොවිජන සංවිධානය ප්‍රකාශ කළේ.

මේ අතර ඉන්දීය රජයේ ණය ආධාර යටතේ ලැබෙන යූරියා රැගත් නෞකාවක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ලබන සඳුදා සිට එම පොහොර ගොවින් අතර බෙදා දීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

ඉදිරි මහ කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට යූරියා පොහොර ලබා දීම සඳහා ලියාපදිංචි කිරීමද ආරම්භ කර තිබෙනවා. ඒ මාර්ගගත තාක්ෂණය ඔස්සේයි.

සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩඉරිඟු සහ සෝයා, විවෘත ගිණුම් ක්‍රමවේදයකට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද සූදානමින් සිටිනවා

Read more

Local News