වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස්

Share

වී අලෙවි මණ්ඩලය (19 දින) වී කිලෝ මෙට්‍රික් ටොන් 331 ක් මිලදී ගත් බව බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වී අලෙවි මණ්ඩලය මිල දී ගනු ලැබේ.

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය පසුගිය 17 වැනිදින සිට ආරම්භ කෙරිණි.

එසේම (19) දිනය ඇතුළත වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ගබඩා 75- 100 දක්වා ප්‍රමාණයක් එම දිනය තුළ විවෘත කර තැබීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත.එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා 27න් 26ක්ම විවෘත කර ඇති අතර වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘතව තැබීම ද ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැළසුම් කර තිබේ.

Read more

Local News