විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තෙපිටිය මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ කුරුණෑගල කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.එස්.එම්. පියතිස්ස ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ කුරුණෑගල ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව 2022.08.24 වන දින කුරුණෑගල පොලිස් වසමේ දොඩම්ගස්ලන්ද පාර, ගොපල්ලව ප්‍රදේශයේ දී ව්‍යාජ ලෙස සකස් කරන ලද වැලි හා පස් ප්‍රවාහන බලපත්‍ර 02 ක් සන්තකයේ තබාගෙන රුපියල් 6,000.00 කට අලෙවි කරමින් සිටි වයස අවුරුදු 42 පසුවන ගොකරැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති ඇත.
සැකකරුගෙන් වැඩි දුරටත් ප්‍රශ්ණ කිරීමේදී 2022.08.25 වන පසුදින දින පල්ලෙගැට්ටුවාන, දඹුල්ල පාර ප්‍රදේශයේ ස්ථානයක් ද වටලා ව්‍යාජව සකස් කරන ලද ප්‍රවාහණ බලපත්‍ර 622 ක්, ව්‍යාජව සකස් කරන ලද නිල මුද්‍රා 22 ක්, සීල් පෑඩ් 01 ක්, මොනිටර් 01 ක්, CPU 01 ක්, ප්‍රින්ටර් 01 ක්, පෙන් ඩ්‍රයිව් 02 ක් හා ලිපි කවර 100 ක් සමග වයස අවුරුදු 19 පසුවන මදුරාගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනාම වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.




