ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ප්‍රධාන ණය දෙන රටවල් සඳහා ආරාධනා කරන ලෙස ශ්‍රී ලංකාව ජපානයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළා.



