හෙට පෙට්‍රල් නැවක් දිවයිනට

Share

දිවයින පුරා යලිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රදේශ රැසකම දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන අතර සමහර ඉන්ධන පිරවුම්හල් වසා තිබෙනු දක්නට ලැබුණා. මේ අතර හෙට දිනයේදී තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස් හයදහස් පන්සීයක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. මේ වන විට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් අදහස් කළා.

මේ වන විට ලංකාවේ යළිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා.

අදත් ප්‍රදේශ රැසකම දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.

Read more

Local News