පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය යටතේ දෙදහස් විසි දෙක යල කන්නයේ වී වගාව ආරම්භ කර ඇති ගොවීන්ට අස්වනු නෙලීමට ඉන්ධන ලබාදීම සිදුකර තිබුණා.
වීරපුර ගොවි සංවිධානයේ ලියාපදිංචි ගොවීන් සඳහා අක්කරයකට ඩීසල් ලීටර් දහසය බැගින් මෙහිදී ලබාදී තිබුණා.
එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වී තිබෙනවා. ඒ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල ප්‍රමිතිය අඩුවීම සහ ඒවායේ මිල ගණන් දැඩි ලෙස ඉහළ යාම නිසයි.
මේ නිසා තමන්ට එළවළු වගාවෙන් ඉවත් වීමට සිදුවී ඇති බවයි නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පාරම්පරික එළවළු ගොවීන් පවසන්නේ. පොහොරවල ප්‍රමිතිය අඩු නිසා එළවළු වගාවන් වල අස්වැන්නත් අඩු බවයි ගොවීන් චෝදනා කරන්නේ.




