උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමු තැන කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් හිමිකරගෙන තිබෙනවා.
ජීව විද්‍යා අංශයේ පළමු තැන ලබා ගැනීමට සමත් වුණේ මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ තමිල්වානන් තුවාල්ගේශ් සිසුවායි.
ගම්පහ රත්නාවලී බාලිකාවේ ඉෂිනි නේහා වාණිජ අංශයෙන් පළමු තැනට පත්ව තිබෙනවා.
කලා අංශයේ පළමු තැන බදුල්ල කැන්දකොළ මහා විදුහලේ ඉෂාර ලක්මාල් සිසුවා ලබා ගත්තා.
ඉංජිනේරු තාක්ෂණවේදය පළමු තැනට පැමිණියේ නාරම්මල මයුරපාද විදුහලේ නිරන්ත දිල්හාරයි.