රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව පැවසීය.
“රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65ක් දක්වාත් අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජය තුළ රැකියා විරහිත තරුණයින්ගේ අසහන තත්ත්වය වැඩිවී තිබෙන බව නිරීක්ෂණය වෙනවා.”




