විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 5 වනදා සිට

Share

2021 – 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත කැඳවීම සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.

සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් සැප්තැම්බර් 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බව එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ. ඒ අනුව සිසුන් 42,519 කට වඩා වැඩි පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ.

එසේම අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සමඟ 1919 ඔස්සේ සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

Read more

Local News